Thursday, September 25, 2025
Follow Us
25වනදා පාසල් ආවත් වෘත්තීය අරගලය අත්නොහරින බව ගුරු විදුහල්පති සංගම් කියයි

ලබන 25 වනදා අධ්‍යයන කටයුතු සඳහා පාසැල් වෙත පැමිණෙන ගුරු විදුහල්පතිවරුන් ඉගැන්වීම් කටයුතු හැර කිසිඳු බාහිර ක්‍රියාකාරකමකට එක් නොවන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති පවසනවා.

එදින දහවල් රටපුරා විරෝධතා මාලාවක් ද පවත්වන බවයි එම වෘත්තීය සමිති සඳහන් කළේ.

ගුරු විදුහල්පතිවරුන් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්ව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 100 ක් ගත වනවා.

ලබන 25 වනදායින් පසු ඔන්ලයින් ඉගැන්වීම් ආරම්භ කිරීමට ගුරුවරුන් සූදානම් බවත් ඊට පෙර දරුවන්ට ඒ සඳහා අවශ්‍ය පහසුකම් බලධාරීන් විසින් සපයා දිය යුතු බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)