සහල් නිෂ්පාදකයින්ගේ සංගමය අරුණ වෙබ් අඩවියට හෙළි කළ ආන්දෝලනාත්මක කතාව
ඉදිරියේ දී සහල් මිල ඉහළ යා හැකි බව ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
අරුණ වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් එම සංගමයේ සභාපති සුරාජ් ජයවික්‍රම සඳහන් කලේ සහල් කිලෝවක් රුපියල් 25කින් හෝ 50 කින් පමණ ඉහළ යා හැකි බවයි.
සෑම වර්ගයකම සහල් කිලෝවක මිල රුපියල් 100 ඉක්මවා ඇති අතර, එවන් තත්වයක් මත ඉදිරියේ දී සහල් මිල තවත් ඉහළ යා හැකි බවද රජය සහල් සඳහා පාලන මිලක් ගෙන ආ යුතු බවත් ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සුරාජ් ජයවික්‍රම මහතා අප සමඟ අදහස් දක්වමින් වැඩි දුරටත් සඳහන් කළා.
එමෙන්ම මේ යන ආකාරයට ගොවියන් ගොවිතැන් අතහැර ගියොත් රටේ ජනතාවට ජනවාරි වන විට සාගතේ මැරෙන්නට වෙන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කලේ.
එමෙන්ම අරුණ වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ද සඳහන් කලේ ඉදිරියේදී හාල් හිඟයක් පවා ඇති විය හැකි බවයි.
එමෙනම මේ වන විට බොහොමයක් ගොවියෝ ගොවිතැන් අත අරිමින් සිටින බවටද වාර්තා වන බවයි අප සමඟ අදහස් දක්වමින් නාමල් කරුණාරත්න කියා සිටියේ.
(Aruna)