Thursday, November 13, 2025
Follow Us
සැප කාර්වල යන අයට බාධාවක් කියා යතුරුපැදිකරුවන්ට දුන් දඬුවම

මංතීරු නීතියට පටහැනි ලෙස කටයුතු කරන රියදුරන්ට එරෙහිව හෙට සිට නීතිය ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා පවසා සිටියේය.

කෙසේ වෙතත් මංතීරු නීතිය නිසා යතුරුපැදිකරුවන් දැඩි අපහසුතාවයකට පත් වන තත්වයක් උද්ගතව තිබේ. සුඛෝපභෝගී වාහන හිමිකරුවන් සැපට මංතීරු දෙකක කිසිදු තදබදයකින් තොරව ගමන් කරද්දී යතුරුපැදි වලින් රැකියාව සඳහා යන පුද්ගලයන් අද උදෑසන පැය ගණනක් තදබදයේ හිර වී සිටිනු දක්නට ලැබුණි.

පසුගිය දිනවල රජයේ අමතිවරයෙකුද පවසා තිබුණේ යතුරුපැදිකරුවන් හිසරදයක් බවයි. කෙසේ වෙතත් යතුරුපැදි වලින් වැඩි දෙනෙක් ගමන් කිරීමෙන් රථ වාහන තදබදය යම්තාක් දුරට අඩුවන බව සැබෑ කාරණාවයි, එනම් සියලු දෙනා රෝද හතරේ වාහන රැගෙන පාරට පැමිණියහොත් දැවැන්ත රථවාහන තදබදයක් නිර්මාණය වන බැවිණි.

ජනාධිපතිවරයාගේ අතිශය අනුවන තීරණයක් ලෙස බොහෝ දෙනෙකු මෙම නව රථවාහන සැලැස්ම හඳුන්වා තිබිණ.

(Lanka Leads)