Saturday, July 05, 2025
Follow Us
අයිසිස් ගැන ආරක්‍ෂක කවුන්සිලයට සඟවලා

ශ‍්‍රී ලාංකික මුස්ලිම් අන්තවාදීන් 32 ක් අයිසිස් ත‍්‍රස්ත සංවිධානයට බැඳී ඇති බව ඊශ‍්‍රායල් බුද්ධි සේවාව ශ‍්‍රී ලංකාවට අනතුරු අඟවා තිබියදී යහපාලන රජයේ ආරක්‍ෂක කවුන්සිලය එම තොරතුරු වසන් කර ඇතැයි අනාවරණය වී ඇත.

2016 වසරේ අගභාගයේදී මෙම තොරතුරු මෙරට බුද්ධි සේවාවන්ට ලැබී තිබේ.

එහෙත් යහපාලන රජයේ හිටපු ඇමැතිවරයකු, මුස්ලිම් දේශපාලනඥයකු, මුස්ලිම් කවුන්සිලයේ ප‍්‍රධානියා එම තොරතුරු වසන් කර ඇති බව කියයි.

රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ අයිසිස් හිතවාදීන් 1000 ක් පමණ මෙරට සිටින බව බුද්ධි අංශ සොයාගෙන තිබුණත් එකී දේශපාලනඥයන් නිසා එම තොරතුරු ආරක්‍ෂක කවුන්සිලයට ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් නොලැබුණු බවයි.

(Lanka Leads)