Thursday, November 13, 2025
Follow Us
හලාවත රෝහලේදී මිය ගිය පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙක් බව හෙළිවෙයි : ලංකාවේ 13 වන කොවිඩ් මරණය

අද දහවල් හලාවත මුලික රෝහලේදී මියගිය රෝගියා කොවිඩ් 19 ආසාදිත රෝගියෙක් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටිනවා. මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ 13 වන කොවිඩ් 19 ආසාදිත මරණයයි

මෙසේ මියගොස් ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු නාවිකයෙක් ලෙස සේවය කළ අයෙක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බහරේන් සිට මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සැප්තැම්බර් මස 02 වෙනිදාය. එම අවස්ථාවේදී ඔහු කොවිඩ් රෝගියෙකු ලෙස හඳුනාගෙන නොමැති අතර නිරෝධායනයට ලක්වෙමින් සිටින අතරවාරයේදී සැප්තැම්බර් මස 09 වෙනිදා හලාවත රෝහලට ඇතුලත් කොට ඇත.

මෙම මරණයට ආසන්නතම හේතුව ලෙස දැක්වෙන්නේ හෘදයාබාධයක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

(Neth)