විවිධ ආලේපන ක්‍රීම් වර්ග සහ දියර වර්ග එකතු කර නව නිෂ්පාදනයක් ලෙස රූපලාවණ්‍යාගාර සහ සුවඳ විලවුන් අලෙවි ස්ථානවලදී කාන්තාවන්ට අලෙවි කරන බැවින්, එවැනි නිෂ්පාදන මිලදී ගැනීමෙන් වළකින ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉල්ලා සිටියි.
එලෙස සකස් කර අලෙවි කරන ආලේපන ක්‍රීම් හා දියර වර්ගවල ඊයම් ආසනික්, රසදිය සහ කැඩ්මියම් අඩංගු විය යුතු උපරිම සීමාව ඉක්මවා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙයි. මීට අදාළ ගැසට් නිවේදනයක්ද ප්‍රකාශයට පත් කර තිබේ.
මනුෂ්‍ය ශරීරයට අහිතකර මෙවැනි ආලේපන ක්‍රීම් සහ දියර වර්ග ඇතැම් රූපලාවන්‍යාගාර හා පිටකොටුව ප්‍රදේශයේ අලෙවි කරන බවට පාරිභෝගික පැමිණිලි ලැබී ඇත. ඇතැම් ආනයනික ක්‍රීම් වර්ගවල වෙළෙඳ නාම ලියාපදිංචි නොකළ වෙළෙඳ නාම සහිතවද වෙළෙඳපොළට ඉදිරිපත් කරයි. එහි කිසිදු තොරතුරක් අඩංගු නොවේ. මේ පිළිබඳව දිවයින පුරා වෙළෙඳසල් දහසක් පමණ දැනුවත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර පැවැසීය.
(Aruna)