Monday, September 28, 2026
Follow Us
කටාර් සිට ඇවිත් නිරෝධායනයට යොමු කළ හලාවත පදිංචිකරුවෙක් පැන ගිහින් - දැඩි සෝදිසියකින් සොයා ගනී

වව්නියාව පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටියදී පැන ගියා පුද්ගලයා මන්නාමර සවුත්බාර් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, යුධ හමුදා නිලධාරීන් සහ වව්නියාව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි.

කටාර් රාජ්‍යයේ සිට පැමිණ වව්නියාව පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි එම සැකකරු 36 හැවිරිදි හලාවත මාදම්පේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු ඊයේ අලූයම (12) නිරෝධායන මධ්‍යස්ථානයෙන් පැනගොස් තිබූ අතර ඔහු සොයා වව්නියාව, මන්නාරම ඇතුළු ප‍්‍රදේශ පුරා විශේෂ සෝදිසි මෙහෙයුමක් කි‍්‍රයාත්මක කරනු ලැබුවා.

ඒ අනුව, පැනගොස් සිටි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වුණේ ඊයේ පස්වරුවේදීයි. අත්අඩංගුවට ගත් පුද්ගලයා නිරෝධායන කටයුතු සඳහා යළි වව්නියාව පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට භාර දී තිබෙනවා.

(Neth)