බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් පිරිසක් සිදුකරන ආහාර වර්ජනයට බලපා ඇති එක් කරුණක් පිළිබඳ සලකා බැලිය හැකි බව බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප‍්‍රනාන්දුපුල්ලේ පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් ඔවුන්ගේ ඥාතීන් හමුවීම තාවකාලිකව නවත්වා ඇති බවත් එය සියලූම බන්ධනාගාරවල දැනටමත් ක‍්‍රියාත්මක බවයි. පවතින සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සලකා සියලූම බන්ධනාගාරවල දැනට තාවකාලිකව නවත්වා ඇති රැදවියන්ට ඥාතීන් හමුවීම සදහා අවස්ථාව ලබාදීමටයි මේ වනවිට අවධානය යොමුවී ඇත්තේ. ඒ, සෞඛ්‍ය අංශවල උපදෙස් මතයි.
මේ අතර, බන්ධනාගාරවල රැඳවියන් මුහුණ පා සිටින ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සිරකරු අයිති සුරැකීමේ කමිටුව විසින්, බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
නෙත් නිවුස් වෙත ඒ පිළිබඳව කියා සිටියේ එම සංවිධානයේ ලේකම් සුදේශ් නන්දිමාල් විසින්.
මේ අතර මෙරට බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව ඉතිහාසයේ පළමු වරට 30,000 ඉක්මවා ගොස් තිබෙනවා. මෙරට බන්ධනාගාර වල පහසුකම් ඇත්තේ රැඳවියන් 11,000 කට පමණක් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
දැනට බන්ධනාගාරගතව සිටින රැඳවියන් අතරින් 28,469 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර රැඳවියන් 1,585 දෙනෙකු කාන්තාවන් වනවා. දරුවන් 48 දෙනකු ද මව්වරුන් සමඟ මෙරට බන්ධනාගාරවල සිටින අතර , විදේශිකයින් 195 ද මෙරට බන්ධනාගාරවල රඳවා සිටිනවා.
මේ අතර බන්ධනාගාරවල පවතින අධික තදබදයට විසඳුමක් ලෙස බෝගම්බර බන්ධනාගාරය අලූත්වැඩියා කර ඊට රැඳවියන් යොමු කිරීමට අපේක්‍ෂා කරන බවයි ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සඳහන් කළේ.
(Neth)