Saturday, June 27, 2026
Follow Us
මත්ද්‍රව්‍ය සහ පාතාලය තුරන් කරනවා - යුධ හමුදාපති

මත්කුඩු ජාවාරම සහ පාතාලය මෙරටින් තුරන් කිරීමට යුද හමුදාවද අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ලූතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. පොලීසියේද සහාය ලබා ගෙන එය සිදුකරන බවයි යුද හමුදාපතිවරයා කියාසිටියේ.

මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ පැවති යුද හමුදාවේ විශේෂ බලකා විසිරයාමේ උත්සවයට එක්වෙමින් යුද හමුදාපතිවරයා මෙම අදහස් පළ කළා.

(Neth)