Thursday, November 13, 2025
Follow Us
මංතීරු නීතිය හෙට සිට යළිත්

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාත තුළ තාවකාලිකව නවතා දැමුණු මංතීරු නීතිය හෙට (14) සිට යළි ක‍්‍රියාත්මක කෙරෙනවා.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත කරුණු දැක්වූ රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබද අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ සඳහන් කළේ "මේ වන විට මාර්ග නීති පිළිපැදීම සහ මාර්ග සංඥාවලට අවනතවීම යන කරුණු ඇතැම් රියදුරන්ට අමතක වී ගොසින්. කොළඹට ඇතුළු වන ශ්‍රී ජයවර්ධනපුර මාවත, පොල්දූව හංදියේ සිට හෝටන් වටරවුම දක්වා මාර්ගය, බේස්ලයින් පාරේ කැළණි පාලමේ සිට බේස්ලයින් හන්දිය දක්වා මාර්ගය, හයිලෙවල් මාර්ගයේ අනුලා විද්‍යාලය අසල සිට ශ්‍රී සම්බුද්ධ ජයන්ති මාවත, තුම්මුල්ල වටරවුම සිට පුස්තකාල හන්දිය දක්වා, ආනන්ද කුමාරස්වාමි මාවතේ සිට පිත්තල හන්දිය දක්වාත් ගමන් කිරීමටත් විලියම් හන්දියේ සිට ගාලු මුවදොර වටරවුම දක්වාත් මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට යොදා ගනු ලබනවා." යනුවෙනි.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ පැවසුවේ මාර්ග නිරික්ෂණ රාජකාරි සඳහා පොලිස් නිලධාරින් 1,500 කට වැඩි පිරිසක් යොදවන බවයි.

(Neth)