Thursday, November 13, 2025
Follow Us
ඉඩම්වල අයිතිය දෙන්න අයැදුම්පත් කැඳවේ

කිසිදු ලියවිල්ලක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචිව සිටින පුද්ගලයින්ට නීත්‍යනුකූල ලේඛන ලබාදීමට අයදුම්පත් කැඳවා තිබේ.

එම අයැදුම්පත් මෙම මස 30 වැනිදාට පෙර ඉඩම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත හෝ ග්‍රාම නිලධාරී/ ක්ෂේත්‍ර නිලධාරී වෙත භාරදිය යුතුය.

ඊට අදාළව කොමසාරිස් ජනරාල් ආර්.එම්.සී.එම්. හේරත් ඊයේ (10 වැනිදා) නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ රජයේ ඉඩම් අවිධිමත්ව භුක්ති විඳින පුද්ගලයන් ක්‍රමවත්ව හඳුනාගෙන ඔවන්ගේ සුදුසුකම් පරීක්ෂා කර බලා නීත්‍යනුකූල ලේඛනයක් ලබාදෙන බවයි.

ඉදිරිපත් වන අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් විසින් ලියාපදිංචි කරගනු ලබන අතර එළැඹෙන නොවැම්බර් 1 වැනිදා සිට 21 වැනිදා අතරතුර ප්‍රාදේශීය ලේකම් දන්වන දිනකදී ඉඩම් කච්චේරි පවත්වනු ලබන බව ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

(Aruna)