Thursday, November 13, 2025
Follow Us
ආපසු ලංකාවට ගෙන්වන 60 ට වැඩි තානාපතිලා මෙන්න

විදේශ රටවල් 8 ක සේවය කරන වයස 60 ට වැඩි තානාපතිවරුන්ට ඔක්තෝබර් 4 දාට පෙර මෙරටට පැමිණෙන ලෙස රජය නියෝග කර ඇත.

මෙලෙස ශී‍්‍ර ලංකාවට කැඳවා ඇත්තේ ෂෙනුකා සෙනෙවිරත්න (නිව්යෝර්ක්), අශෝක ගිරිහාගම (කැනඩාව), සුදන්ත ගනේගමආරච්චි (ස්වීඩනය), දමයන්ති රාජපක්ෂ (ඊජිප්්තුව), ඒ. එල්. රත්නපාල (කියුබාව), සුමිත් නාකන්දල (නෙදර්ලන්තය) සහ ටෝකියෝ සහ චීනය යන රටවල තානාපති නිලධාරීන්ය.

මේ අතර චීනයේ නව තානාපති ලෙස හිටපු විදේශ ලේකම් පාලිත කොහොන මහතා සහ ප‍්‍රංශයේ තානාපතිනි ලෙස හිටපු උපකුලපති ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය පත් කර තිබේ.

මෙයට අමතරව ජපානයේ නව තානාපති ලෙස ඇමරිකානු ව්‍යාපාරික සන්ජීව් ගුණසේකර මහතා පත් කර ඇත.

රජය තානාපතිවරු රැුසක් කැඳවා ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශය ප‍්‍රතිසංවිධානය කිරීමේ අරමුණින් යැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

මේ අතර හිටපු නාවික හමුදාපති පියල් ද සිල්වා මහතා ඇෆ්ගනිස්ථානයේ තානාපති ලෙස පත් කර ඇත.

(Lanka Leads)