මෙරටින් ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීම සම්බන්ධව අගමැති මහින්ද රාජපක්ෂ ගෙන තිබෙන තීරණයට පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සියලුදෙනාගේ සහය ලබාදිය යුතු බව මල්වතු අස්ගිරි අනුනායක හිමිවරු දෙනම විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවසති.
මෙරට සිදුකරන ගව ඝාතනය නතර කළ යුතු බවට මහා සංඝරත්නය ඇතුළු පාර්ශ්ව ගණානාවක් කලක පටන් ඉල්ලීම් කළත් ඒ සම්බන්ධයෙන් කිසිවකුත් ක්‍රියාත්මක නොවූ අතර අගමැති මහින්ද රාජක්ෂ මේ පිළිබඳ අවධානය යොමුකිරීම අගය කරන බවත් උන්වහන්සේ කීහ.
මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි යන අනුනාහිමිවරු දෙනම මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් බුදුන්වහන්සේ දායක ඇත්තන්ට කළ ධර්ම දේශනාවේ අඩංගු පන්සිල් පද පහේ පළමුවැන්න ප්‍රාණඝාතයෙන් වැළැකීම යැයිද පැවැසූහ.
මෙහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියෝ බෞද්ධ දර්ශනය සුරක්ෂිත රටක අවිහිංසාව පෙරදැරිව පාලකයන් කටයුතු කළ යුතු බවත් අගමැතිවරයා එම ප්‍රතිපත්ති සමග බද්ධ වීම ගැන සතුටු වන බවත් කීහ.
දස රාජ ධර්මයන්ගෙන් එකක් වන්නේ අවිහිංසාව පෙරටු කරගත් පාලනයයි. එමෙන්ම පොළොන්නරු යුගයේ නිර්මිත සඳකඩ පහණේ ගව රූපය දක්වා නොමැත්තේ ගවයා කෙරෙහි අතීතයේ පටන් අප සමාජයේ පවත්නා ගෞරවය ඉස්මතු කිරීම යැයි අනුනාහිමිවරු පවසති.
(Aruna)