Thursday, November 13, 2025
Follow Us
නිව් ඩයමන්ඞ් නෞකාව ගැන අලුත්ම තත්ත්වය නාවික හමුදාව පැහැදිළි කරයි

නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ MT නිව් ඩයමන්ඞ් නෞකාව තුළින් මේවනවිට ගින්නක් හෝ දුමාරයක් නිරීක්ෂණය නොවන බව නාවික හමුදාව පවසනවා.

ඒ අනුව අද (09) අලූයම 01.00 ට පමණ නෞකාව ගැඹුරු මුහුදු සීමාව වෙත ඇදගෙන යාමේ කටයුතු නාවික හමුදාව විසින් ආරම්භ කළා.

මේ වනවිට නෞකාව ගොඩබිම සිට නාවික සැතපුම් 37 ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදු සීමාවේ ස්ථානගතව ඇති බවයි නාවික හමුදාව පැවසුවේ. කෙසේවෙතත්, නාවික හමුදාව සහ ඉන්දීය වෙරළාරක්ෂක බලකාය එම නෞකාව පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන බව ද නාවික හමුදාව සඳහන් කළා. මේවනවිට එම මුහුදු කලාපයේ දැඩි සුළං හා රළු ස්වභාවයක් පවතින බවයි නාවික හමුදාව ප‍්‍රකාශ කළේ.

(Neth)