Thursday, November 13, 2025
Follow Us
අද සිට යළිත් සුපරුදු පරිදි පාසල් ඇරඹේ

පළමු ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශ සිසුන්ට අද (08) සිට යළිත් සුපරුදු පරිදි පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

.සෞඛ්‍ය නිර්දේශ අනුව යමින් සියලුම පාසල් අදියර දෙකක් ය‍ටතේ සතියේ දින පහේම සුපුරුදු පරිදි පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ අතර ඒ අනුව පසුගිය සැප්තැම්බර් මස 2 වැනි දා6 වසර සිට 13 වසර දක්වා පන්ති ආරම්භ කෙරිණි.

මේ අතර රජයේ සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් 2020 වර්ෂය සඳහා නිකුත් කර ඇති පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය ද මේ මස අවසාන දිනය දක්වා (2020.09.30) දීර්ඝ කිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙම තිළිණපත්වල වලංගු කාලය 2020-08-31 දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ අතර, රට තුළ පැවති වාතාවරණය සැලකිල්ලට ගෙන සිසුන්ට එම තිළිණපත් සඳහා නිල ඇඳුම් ලබාගැනීමට ඇති කාලය තවදුරටත් ලබාදීම පිණිස මෙම තීරණය ගෙන තිබේ.

(news.lk)