Thursday, November 13, 2025
Follow Us
මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොව යලි සෙලවේ

මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොවේ සෙලවීමක් වාර්තා වී තිබෙනවා. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කළේ අද (02) පෙරවරු 07.06 ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇති බවයි.

මෙම කම්පනය මහකනදරාවේ පිහිටි භූකම්පන මාපකයේද සටහන්ව ඇති බවත් එය භූ චලනයක් ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූවක් ද යන්න පිළිබඳ මෙතෙක් තහවුරු වී නොමැති අතර ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කළේ.

මිට දින කිහිපයකට පෙර ද මහනුවර පල්ලෙකැලේ ඇතුළු ප්‍රදේශ කිහිපයක භුමියේ යම් සෙලවීමක් සිදුවූ බව වාර්තා වුණා.

(Neth)