Thursday, November 13, 2025
Follow Us
ඊයේ දිනයේදී කොරෝනා රෝගීන් 43ක් : විදේශ ගතව සිට එන පිරිස අතර ආසාදිතයින් ඉහළ යන ලකුණු

ඊයේ (01) දිනය තුලදී මෙරටින් නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 43 දෙනෙකු වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3092ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ දිනයේදී වාර්තා වූ සියලුම රෝගීන් විදේශ ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර ඔවුන් මේ වන විට නිරෝදායන මධ්‍යස්ථාන තුළ සිටිය අයවලුන් වේ.

කටාර් සිට පැමිණි පුද්ගලයින් 26ක්, ඉන්දියාවේ සිට පැමිණි තිදෙනෙකු, මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් 06ක්, කුවේට් සිට පැමිණි පුද්ගලයින් 06 දෙනෙකු, එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු සහ ඉන්දියානු ජාතිකයෙකු මෙලෙස ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් බවට හඳුනා ගෙන ඇත.

ඊයේ දිනයේදී මෙරට තුළ PCR පරීක්ෂණ 1,810ක් සිදුකොට ඇති අතර මේ දක්වා සිදුකර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 228,052ක් වනවා.

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් ගෙන් මේ වන විට සම්පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 2879ක් වන අතර තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 201ක් වනවා.

(Neth)