Thursday, November 13, 2025
Follow Us
රජයේ සියලූ පාසල්වල ඉගැන්වීම් කටයුතු සාමාන්‍ය පරිදි

රජයේ සියලූ පාසල්වල 6 වන ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට අද (02) සිට සාමාන්‍ය පරිදි පාසල් විවෘත කෙරෙනවා.

ඒ අනුව පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා සාමාන්‍ය වේලාව අනුව පාසල් පැවැත්වෙනු ඇති.

කෙසේවෙතත් පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා ප‍්‍රාථමික අංශයේ සිසුන්ට පාසල් යළි විවෘත වන්නේ සැප්තැම්බර් 8 වන සඳුදා දින සිටයි.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ලබා දුන් නිවාඩුව අවසන් කරමින් ඉකුත් අගෝස්තු 10 වනදා සිට සියලූ රජයේ පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණා. කෙසේ වෙතත් එහිදී පාසැල් විවෘත කෙරුණේ අදියර කිහිපයක් යටතේයි.

මේ අතර කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව කිසිසේත්ම සුළුකොට තැකීමක් නොකල යුතු බව සෞඛ්‍ය හා ආරක්ෂක අංශ අවධාරණය කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය පාලනය වුවද සෙසු රටවල තත්ත්වය තවදුරටත් දරුණු මට්ටමේ පවතින බවයි.

එබැවින් ජනතාව සෞඛ්‍ය රීති අනුගමනය කිරීම අනිවාර්යයෙන්ම සිදු කල යුතු බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියා.

මේ අතර ගත වූ පැය 24 ක කාලය තුළද අලූතින් රෝගීන් 21 දෙනෙකු වාර්තාවීමත් සමග මේ වනවිට මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,092 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

(Neth)