Thursday, November 13, 2025
Follow Us
භික්ෂූණීන්ටත් ජාතික හැඳුනුම්පත ලබාදීමට තිරීණයක්

ජාතික හැඳුනුම්පත සකස් කිරීමේ දී පවතින ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් භික්ෂූණීන් වහන්ලාසේ දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වේ.

කාන්තාවක මෙහෙණි සසුනට ඇතුළත් වීමෙන් පසු නව ජාතික හැඳුනුම්පතක් සකස් කළ යුතුව පවතින අතර ඇතැම් භික්ෂූණින් වහන්සේලා සඳහා මේ දක්වාත් එම හැඳුනුම්පත් ලැබී නොමැත.

මේ හේතුවෙන් භික්ෂූණීන් වහන්සේලාට විභාග සඳහා ඉදිරිපත් වීමට හෝ වෙනත් සමාජීය කටයුතු සඳහා ඉදිරිපත් වීමේදී ගැටලු රැසකට මුහුණ පා ඇත.

මේ සම්බන්ධයෙන් “අද දෙරණ“ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු සඳහන් කළේ අදාල ගැටලුව සම්බන්ධයෙන් තමා දැනුවත්ව සිටින බවත්, ඒ අනුව ජාතික හැඳුනුම්පත් සකස් කිරීමට උපදෙස් ලබා දී ඇති බවය.

එමෙන්ම භික්ෂූණීන් වහන්සේලා සිටින ආරාම ලියාපදිංචි කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති බව ද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

(Lanka Leads)