Thursday, November 13, 2025
Follow Us
පාසල්වල 6 -13 දක්වා ශ්‍රේණි හෙට සිට සාමාන්‍ය පරිදි

හෙට (02) සිට සියලු රජයේ පාසල්වල 6 සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට සාමාන්‍ය පරිදි පාසල් විවෘත කෙරේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා සාමාන්‍ය වේලාව අනුව පාසල් පැවැත්වෙන බවය.

කෙසේවෙතත් පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශයේ සිසුන්ට පාසල් යළි විවෘත වන්නේ සැප්තැම්බර් 8 වන සඳුදා දින බව ද, එම අමාත්‍යංශය නිවේදනය කළේය.

කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමග ලබා දුන් අතුරු නිවාඩුව අවසන් කරමින් පසුගිය අගෝස්තු 10 වන දා සිට සියලු රජයේ පාසල්වල අධ්‍යයන කටයුතු අදියර කිහිපයක් යටතේ යළි ආරම්භ කෙරුණි.

(Lanka Leads)