Sunday, March 29, 2026
Follow Us
බිනර පුර පසළොස්වක පෝය අදයි

බිනර පුර පසළොස්වක පෝය අදට ( සැප්තැම්බර් 01 ) යෙදී තිබේ.

මෙහෙණි සසුනේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදුවීම සුවිශේෂී වෙයි. ආනන්ද හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන්ට බුදු සසුනේ නිවන් මඟා විවෘත කළ බවත් සාශන ඉතිහාසයේ සඳහන් වෙයි.

එහිදී පැවිද්ද අවශ්‍ය නම් අෂ්ඨ ගරු ධර්ම පිළිගත යුතු බව එහිදී බුදු හිමියන් වදාළ බවත් මහා ප්‍රජාපති ගෝතමී එය පිළිගැනීමෙන් පසු පැවිද්ද ලබාගැනීමට හැකි විය. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස ආරම්භ වන්නේ ද අද වැනි පෝය දිනකය.

ශ්‍රී ලාංකිකයන්ට බිනර පොහොය දිනය වැදගත් වන්නේ, තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදු පියාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත් බුදු පියාණන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑයේ ඉදිකිරීමත් මෙම උතුම් බිනර පොහෝ දිනයේදී සිදු වීමය. බිනර පුර පොහෝය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරවල බෞද්ධ බැතිමත්හු ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවල නිරත වෙති.

(news.lk)