පළමු වසරට ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා පදිංචි නිවසේ සිට පාසලට ඇති දුර ප‍්‍රමාණය සහතික කිරීම වෙනුවෙන් මහනුවර මිනින්දෝරු නිලධාරියෙකු සහ නිලධාරිනියක් මවුපියන්ගෙන් අධික මුදලක් ලබා ගන්නා බවට නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා.
නෙත් නිවුස් ඇමතූ මහනුවර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පැවසුවේ අදාළ දුර ප‍්‍රමාණය සහතික කිරීම සදහා ඔවුන් රුපියල් 2500ක මුදලක් අය කර ගන්නා බවයි. පාසල් 04කට හෝ 05කට අයදුම් කිරීමේදී එක් පාසලකට රුපියල් 2500ය බැගින් අදාළ පාසල් ගණනට ගෙවන්නට සිදුවන බවද සඳහන් කළා.
අදාළ සහිත කිරීමේ ලිපි නිකුත් කරනු ලබන්නේ බලයලත් මිනින්දෝරු එච්. එම්. සී. බි. බී. හිටිහාමු නමින් මුද්‍රා සහිතවයි. පළමු වසරට ළමුන් ඇතුලත් කිරීම සදහා පදිංචි නිවසේ සිට පාසලට ඇති දුර ප‍්‍රමාණය සහිතක කිරීම වෙනුවෙන් මෙවැනි අධික මුදලක් අය කරන අදාළ සහතික කිරීමේ ලිපියේ සදහන් එම මිනින්දෝරු නිලධාරියාට නෙත් නිවුස් ඇමතුමක් ලබා ගත්තා.
එහිදී ඔහු සඳහන් කළේ තමන්ට වෙනත් වැඩ රාජකාරී අධික බැවින් ඊට අත්සන් කර සහතික කිරීම පමණක් සිදු කරන බවත් දුර ප්‍රමාණය ලබා දීම වෙනත් නිලධාරියෙකු හරහා සිදු කරන බවයි.
අදාළ දුර ප‍්‍රමාණය සහතික කිරීමේ ලේඛන සකස් කරන එම නිලධාරිනියටද නෙත් නිව්ස් පසුව ඇමතුමක් ලබා ගත්තා.
එහිදී ඇය කියා සිටියේ "දැන් වසර ගාණක් ඉඳලා අපි තමයි දෙන්නේ. අපි වෙනස් කරන්නෙ නැතුව ඒවා ඒ විදිහටම දෙන නිසා විශ්වාසයි." යනුවෙනි
මහනුවර ප‍්‍රසිද්ධ පාසලකට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී මෙලෙස නිවසේ සිට පාසලට ඇති දුර ප‍්‍රමාණය සහතික කර ඉල්ලීම චක‍්‍රලේඛවලට පටහැනි කි‍්‍රයාවක් බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ලංකා ගුරු සේවා සංගමය පැවසුවේ. මේ, එහි ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මේ බව සඳහන් කළා.
(Neth)