Thursday, November 13, 2025
Follow Us
ගේට්ටුව කඩාගෙන අස්ගිරි විහාර පරිශ්‍රයට රථයක් කඩාවදී - ආරක්ෂක නිලධාරියෙකුටත් බරපතලයි

අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් මහනුවර අස්ගිරි මහා විහාර පිවිසුම් වාහල්කඩ ආරක්ෂිත ගේට්ටුවට ද දැඩි අලාභ හානි සිදුකරමින් අස්ගිරි විහාර පරිශ්‍රය තුළට කඩාවැදී තිබෙනවා.

අස්ගිරි මහා විහාර ආරක්ෂක කටයුතු සඳහා අනුයුක්ත කොට සිටි හමුදා සෙබළෙකු ද එහිදී බරපතළ තුවාල ලැබ ඇති බවයි වාර්තා වුණේ.

අද (30) දින පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලැබූ යුද හමුදා සෙබලා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා.

අස්ගිරි විහාර පරිශ්‍රයේ නවතා තිබු සුඛෝපභෝගී මෝටර් රථයක ද අදාළ රථය ගැටී තිබූ අතර එහිදී අදාළ රථය නැවතී තිබුණා.

අනතුර සිදු කළ රියදුරා මහනුවර මූලස්ථාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(NEth)