කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මුඛ ආවරණ නොපැළද රාජකාරියේ නිරත වන පෞද්ගලික බස් රථ සේවකයන් වැටලීම සැප්තැම්බර් 1 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතයි.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සදහන් කළේ එහිදී වැරදිකරුවන් වන පුද්ගලයන්ට දඩ නියම කිරීමට තීරණය කර ඇති බවයි.
මෙම වැටලීම් සම්බන්ධයෙන් පොලීසිය ද දැනුවත් කර ඇති බව එම අධිකාරිය සදහන් කළේය.
කොවිඩ්-19 වෛරසය පැවැතීම හේතුවෙන් බස් රථ සේවක සදහා පනවා තිබූ නීතිරීති මේ වන විට ක්‍රියාත්මක නොවෙන බව එම අධිකාරිය සදහන් කරයි.
එම නීතිය යළි පණගැන්වීම සදහා වැටලීම් අඛණ්ඩව සිදුකිරීමට නියමිත බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වැඩිදුරටත් පැවසීය.
(Aruna)