Friday, July 31, 2026
Follow Us
අද ඇතැම් ස්ථාන වලට මි.මී 100 ට වැඩි තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්රික්ක වලත් විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මි.මී 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.
උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්යම පළාත්වල සහ රත්නපුර, මොණරාගල, හම්බන්තොට සහ ත්රීකුණාමලය දිස්ත්රික්කවල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.