Wednesday, July 08, 2026
Follow Us
මන්නාරම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් වේගවත්ව ඉදිරියට
පසුගිය ජනවාරී මාසයේදී ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ මන්නාරම මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු වේගවත්ව ඉදිරියට යමින් පවතින බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
එහි පළමු ටර්බයින තොගය සති කීපයකට කලින් දිවයිනට ලගා වූ අතර, ඉතිරි උපාංග සියල්ලම ද මේ වන විට ත්රිකුණාමලය වරායට ලගා වී ඇති අතර ගොඩබෑමේ කටයුතු සිදු කෙරේ.
 
2023 වන විට මෙරට ජාතික විදුලිබල පද්ධතියෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්ති ප්රභවයන්යෙන් සැපයීමේ නව රජයේ ඉලක්කය කරා ලගාවීමේ ආරම්භක පියවරක් ලෙස මන්නාරම සුළං විදුලි බලාගාරය හැදින්විය හැකිය.
 
එමෙන්ම වසර 2050 වන ශ්රී ලංකාව ලගාවීමට අපේක්ෂාකරන ශුද්ධ ශූන්ය කාබන් විමෝචන ඉලක්කය සපුරාගැනීමටද මෙමගින් දායකත්වය ලැබෙනු ඇත.
 
මෙම බලාගාරයෙන් නිෂ්පාදිත විදුලි ඒකකයක් මිලදී ගැනීමට ගිවිසුම්ගත වී ඇත්තේ ඇමරිකානු ඩොලර් 0.0465ක මුදලකට (ශ්රී ලංකා රුපියල් 14.37) වන අතර මෙරට ඉතිහාසයේ සුළං බලයෙන් නිෂ්පාදනය කෙරෙන විදුලි ඒකකයට ගෙවනු ලබන අඩුම මිල ලෙස එය වාර්තාගත වේ.
 
මන්නාරම සුළං විදුලි බලාගාරයේ ජාතික විදුලි පද්ධතියට එක්වීමෙන් පසු පොසිල ඉන්ධන ආනයනය සීමා වන නිසා වසරකට රුපියල් බිලියන 4.7ක පමණ විදේශ විනිමයක් රටට ඉතිරිකරගැනීමට අවස්ථාව උදා වේ.
 
බලශක්ති අමාත්යංශයට අයත් ජාතික පද්ධති කළමනාකරු සමාගම (National System Operator - NSO) විසින් පද්ධති පාලනය සහ කළමනාකරණය සිදු කරනු ඇත.