Sunday, January 11, 2026
Follow Us
ශ්‍රී ලංකා හා පාකිස්ථානය අතර අද තරගය තීරණාත්මකයි
ශ්රී ලංකා පාකිස්ථාන 20-20 ක්රිකට් තරගාවලියේ අවසන් තරග අද දඹුල්ල අන්තර් ජාතික ක්රිකට් ක්රිඩාංගණයේදි පැවැත් වේ.

 

තරගාවලියේ පරාජයෙන් බේරීමට නම් ශ්රී ලංකාවට අද තරගය අනිවාර්යෙන් ජයග්රහණය කළ යුතු වන අතර තරගය රාත්රි 7ට ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලියේ පළමු තරගය කඩුලු 6කින් ජය ගැනීමට පකිස්ථානය සමත්විය.
දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමිණි.
 
ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කළේ, එම තරගයට ප්රවේශ පත්ර මිලදි ගත් ක්රිඩා ලෝලීන්ට අද තරගය සඳහා නොමිලයේ ප්රවේශ පත්ර ලබා ගත හැකි බවයි.
අද පස්වරු 5 දක්වා දඹුල්ල ක්රිඩාංගණයේ ප්රවේශ පත්ර කවුළුවෙන් අදාල ප්රවේශ පත්ර ලබා ගැනීමේ හැකියාව පවතින බව ද වාර්තා වෙයි.