Sunday, January 11, 2026
Follow Us
අධ්‍යාපනය වෙනුවෙන් විපක්ෂය විරෝධතාවක

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට හා අධ්‍යාපන ඇමතිවරියට විරෝධය පළකරමින් ''නිදහස් අධ්‍යාපනය රැකගමු'' මැයෙන් විපක්ෂයේ පක්ෂ එක්ව අද (10) මතුගම පිහිටි නිදහස් අධ්‍යාපනයේ පියා වන සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ පිළිරුව ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්විණි.

එහිදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට බලකරමින් මහජන පෙත්සමකට අත්සන් ගැනීමද සිදු කෙරිණි.