2025 නොවැම්බර් මස 28 දින ප.ව. 2.00 ට නිකුත් කරන ලද කාලගුණ වාර්තාව
"දිට්වා" [Ditwah] සුළිකුණාටුව නොවැම්බර් මස 28 දින පෙ.ව.11.30 වන විට ත්‍රිකුණාමලය සිට 30 km ක් නිරිත දෙසින්, අක්ෂාංශ 8.4°N සහ දේශාංශ 81.0°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇති අතර මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ. ධිවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
වැසි තත්ත්වය:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සුළඟ:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන සිට වයඹ දක්වා වන දිශා වලින් හමා එයි. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල පැ.කි.මී. (60-70) ක පමණ ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. (80-90) දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක.
මුහුදේ ස්වභාවය:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු සිට ඉතා රළු වේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (3.0 – 4.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.
වෙරළ ආසන්න ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී.