අයහපත් කාලගුණය හේතුවෙන් කල් දමන ලද උසස් පෙළ විභාගය නැවත දෙසැම්බර් 7, 8, 9 දිනයන්වල පවත්වන බ විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පැවසුවාය.
පවතින කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලබන සඳුදා සිට උසස් පෙළ සාමාන්‍ය විභාග කාලසටහනට පැවැත්වීමට නියමිවතව ඇති විෂයන්වලට අදාළ විභාගය පැවැත්වීමට ද අපේක්ෂා කරන බව ලියනගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.