Sunday, January 18, 2026
Follow Us
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 10 ක්

අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර සහ නායයාම් ඇතුළු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අරමුදලට උපදෙස් දී තිබේ. 

ඒ අනුව මිය ගිය අයගේ ඥාතීන් වෙත මෙම මුදල් කඩිනමින් ලබා දීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇත.