කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ අධ්‍යයන, සුබසාධන ගැටලු විසඳීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.
ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය යටතේ පවතින කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ අධ්‍යයන පාඨමාලා පිළිබඳ වසර ගණනාවක් තිස්සේ උද්ගතව ඇති ගැටලුකාරි තත්ත්වය සහ ආයතනයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වෙත නිර්දේශ සහ යෝජනා ලබා ගැනීම සඳහා මෙම කමිටුව පත් කර ඇත.
කමිටුව සඳහා නිලධාරීන් හය දෙනෙකුගෙන් සමන්විත වන අතර එහි කැඳවුම්කරු ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෘත්තීය පුහුණු) සමන්ති සේනානායක මහත්මිය පත් කර තිබේ.
එමෙන්ම කමිටු සාමාජිකයන් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සාමාජික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ.ජී. දයාරත්න (කමිටු සභාපති), අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ, උසස් අධ්‍යාපන අංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) එච්. අප්සරා කල්දේරා, ශ්‍රී ලංකා ඉංජිනේරු කවුන්සිල සාමාජික දනුත් ඉලුක්කුඹුර, වරලත් ඉංජිනේරු එම්.එම්.ස්ටැන්ලි මොරේමඩ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය කුශාන් කල්මිත් විජේසුන්දර, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ සභාපති එච්.ඒ අබ්දුල් සත්තාර් යන මහත්ම මහත්මීන් පත් කර තිබේ.