පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ප්‍රකාශ කළේය .
මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති මෙම පුද්ගලයා වයස අවුරුදු 34ක් වූ පුද්ගලයෙක් බව වාර්තා වේ.
අද දින දහවල් කොළඹ මහේස්ත්‍රත් අධිකරණයේදී ගනේමුල්ල සංජීව නම් අපරාධකරුට වෙඩි තැබීම සිදු විය .
ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් සිදු කිරීමට නියමිතයි.