Saturday, April 19, 2025
Follow Us
හිරුගේ පීඩාවෙන් මිදෙන්න උපදෙස් මාලාවක්

මෙම දිනවල පවත්නා අධික හිරු රශ්මිය හේතුවෙන් සියලු දෙනා පීඩාවට පත් වන අතර මෙම උෂ්ණාධික තත්ත්වය හේතුවෙන් අධික පිපාසයක් වැනි අපහසුතාවයන්ට ද මුහුණදීමට සිදු වේ.

මෙම තත්ත්වය තුළ අධික හිරු රශ්මියෙන් ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට පහත සඳහන් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමෙන් එම පිඩාකාරී තත්ත්වයෙන් මිඳී සිටීමට පුළුවන් වනු ඇත.

 

  • පිපාසය දැනෙනතෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කරන්න. වැඩිහිටි කෙනෙකු අවම වශයෙන් දිනකට ලීටර 5ක් වත් ජලය පානය කළ යුතුය.
  • පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් සම්පූර්ණයෙන් වළකින්න.
  • අධික පාරජම්බූල කිරණ වලින් දෑස් ආරක්ෂා කරගැනීමට පාරජම්බූල කිරණ ප්‍රේරණය කළ හැකි (100% UV protection) කන්නාඩි එළිමහනේ යන සෑම අවස්ථාවකදීම පැළඳින්න.
  • පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරනා කාලය අවම කරන්න.
  • මෙම දින වල හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් අඳින්න.
  • එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට (hats) හැකිතාක් යොමුවන්න.
  • වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවධානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වන්න.

මෙය  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දැනුවත් කිරීමකි.