ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් වාර ප්‍රවේශපත් මිල දී ගත් පාසල් දූ දරුවන්, කාර්මික විද්‍යාල විශ්වවිද්‍යාල හා වැඩිහිටි පුද්ගලයින් ශ්‍රී ලංගම බස් රථවල ප්‍රවාහනය කිරීම අනිවාර්ය කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති (වැ.බ.) සඳහන් කරයි.
යම්කිසි බස් සේවක කණ්ඩායමක් විසින් මෙම වාර ප්‍රවේශපත්‍රලාභීන් රැගෙන යාම ප්‍රතික්ෂේප කළහොත් මණ්ඩලීය පිළිවෙත් අනුව දැඩි වරදකි.
සියලු ප්‍රවේශපත්‍රලාභීන් ශ්‍රී ලංගම බස් රථවල ප්‍රවාහනය කළ යුතු බවට ඔවුන් දැනුවත් කර ඇති අතර යම්කිසි බස් සේවක කණ්ඩායමක් ප්‍රෙව්ශපත්‍රලාභීන් ප්‍රවාහනය කිරීම ප්‍රතික්ෂේප කළහොත් ඔවුන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් යම් අපහසුතාවයකට පත්වන වාර ප්‍රවේශපත්‍රලාභීන් ශ්‍රී ලංගම තොරතුරු කේන්ද්‍රය වෙත 1958 දුරකථන මාර්ගය ඔස්සේ දැනුවත් කරන ලෙස දන්වමි