Saturday, July 27, 2024
Follow Us
මහනුවර දිස්ත්‍රික්කය සඳහා තැඹිලි ගම්මාන හතරක්

මහනුවර දිස්ත්‍රික්කය තුළ මෙම වර්ෂයේදී තැඹිලි ගම්මාන  හතරක් ස්ථාපිත කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය කටයුතු යොදා තිබේ.

අපනයනය කේන්ද්‍ර කොටගත් තැඹිලි ගම්මාන  ස්ථාපිත කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිම තීරණය යටතේ මහනුවර දිස්ත්‍රික්කය තුළ මෙම ගම්මාන පිහිටුවේ.

ඒ අනුව ජම්බුගහපිටිය, පන්විල, මිනිපේ හා හසලක යන ගම්මාන කේන්ද්‍ර කර ගනිමින්  මෙම ගම්මාන පිහිටුවන බවත් පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ධාරිතාවට ඉහළ නැංවීම මේ යටතේ අපේක්ෂා කරන බවත්  පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති මාධවී හේරත් මහත්මිය සඳහන් කරයි 

ගොවියන්ට ලබා දෙන සහනාධාර ධාරිතාව මේ යටතේ ඉහළ නංවීම සිදුවන බව කී සභාපතිවරිය තැඹිලි ගම්මාන ස්ථාපත කිරීම තුළින් ප්‍රතිලාභීන්ට ඉහළ ආදායමක් කරා යොමු විය හැකි යැයි ද පැවසුවාය.

මහනුවර දිස්ත්‍රික්කයේ පළමු තැඹිලි ගම්මානය ඉකුත්දා ජම්බුගහපිටියේදි ස්ථාපිත වූ අතර දෙවන ගම්මාන පන්විල කේන්ද්‍ර කොට ඉදිරියේදී පිහිටුවීමට නියමිතය.