Saturday, September 07, 2024
Follow Us
අනුරාධපුර පිච්ච මල් පූජාව හෙට

අනුරාධපුර පිච්චමල් පුජාව හෙට (27) පැවැත්විමට සියලු කටයුතු සුදානම් බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත්  විමලසූරිය මහතා පවසයි. මේ පිළිබඳ දැනුවත් කිරීමට පැවති රැස්වීමකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලය හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුලු රාජ්‍ය ආයතන මේ සඳහා සක්‍රිය දායකත්වය ලබා දෙන බව  ද ඒ මහතා පවසයි.

ඒ අනුව හෙට සෙනසුරාදා සවස 3 ට පමණ ථුපාරමය අසලින් පිච්චමල් රැගත් පෙරහැර උඩ මළුව කරා පිටත්වෙයි. අනතුරුව බුද්ධ වන්දනාවන්  සිදු කෙරෙන අතර රාත්‍රි පෙරහැර ස්වර්ණමාලි සෑ රදුන් අභියස දි පවත්වයි. පසුව වන්දනාමාන අවසන්ව සර්වරාත්‍රික පරිත්‍රාන ධර්මදේශනය  පසුදා පහන් වන තුරුම සිදු කරයි.

1990 වර්ෂයේ  සිට පුරා අවුරුදු 33 ක් මෙම ජාතික පිච්චමල් පුජාව වාර්ෂිකව පවත්වයි. 2019න් පසු ඇතිවු ව්‍යසනකාරි තත්වයන් හේතුවෙන් වඩා උත්කර්ශවත් අයුරින් පිංකම සිදු කිරිමට නොහැකි වු බවත්, මෙවර 34 වන වතාවට  ලක්ෂ 10ක අධික පිරිසකගේ සහභාගිත්වය අපේක්ෂා කරමින් මෙවර ජාතික පිංචමල් පුජාව ශාන්ති පදනම මගින් පැවැත්විමට අපේක්ෂා කරන  බවත් ශ්‍රී සාරිපුත්ත ආශ්‍රමයේ විහාරාධිපති පුජ්‍ය හල්මිල්ලෑවේ සද්ධාතිස්ස ස්වාමින්වහන්සේ මෙහිදී සදහන් කළහ. නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය කොටපොල අමරකීර්ති ස්වාමින් වහන්සේ මෙම පිච්චමල් පුජාවේ නිර්මාර්තෘ හිමියන් වෙයි.

මෙම පූජාවට සමගාමීව පවත්වන දන්සල් කලාපය තුළ දන්සල් 30 කට ආසන්න සංඛ්‍යාවක්  පැවැත් වෙන බවත්, ඒ සදහා අවශ්‍ය පහසුකම් සැලසිම හා වගකීම් බෙදා දිමත්  කමිටු රැස්වීමේ  දී සිදුකෙරිණි.  තවද විශේෂිත ආරක්ෂක වැඩපිළිවෙළක් හා පිංකම් කටයුතු සාර්ථක  කරගැනිම සදහා අවශ්‍ය ආයතන සම්බන්ධිකරණයත් මෙම රැස්විමේ දි සිදු කෙරිණි.