Wednesday, March 26, 2025
Follow Us
මහනුවර ප්‍රදේශ කිහිපයක නායයාමේ අවදානම් තත්ත්වයක්

අධික වර්ෂාපතනය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් නාය යාමේ අවදානම් කලාප වශයෙන් ජාතික ගොඩනැගිලි සංවිධානය මගින් නම් කොට තිබේ.

ඉකුත් පැය 24ක කාලය තුළ මිලි මීටර් සියය ඉක්මවූ වැසි ලැබුණු බැවින් තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථාන කිහිපයක් නාය අවදානමට ලක්වී ඇත. එම ප්‍රදේශයේ පදිංචිකරුවන් නාය යාම්, බෑවුම් හා පස් කඳු කඩා වැටීම් හා පොළව ගිලා බැසීම් ආදිය පිළිබදව විමසිලිමත් විය යුතු යැයි ද එම සංවිධානය සඳහන් කරයි.