Thursday, August 28, 2025
Follow Us
Political

කිසිදු බලපෑමකට යටත් නොවී මාර්ගගත ආරක්ෂණ පනත (online safety bill) ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

Political

කුමන ප්‍රවෘත්ති පැතිර ගියද දහස් ගණනින්, ලක්ෂ ගණනින් රාජ්‍ය සේවකයෝ ගෙදර නොයවන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. ආගමික වතාවත් මැද අගමැති කාර්යාලයේදී නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (01) එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කෙළේය.

Political

අනවසර ඉදිකිරිම් වැළැක්වීම සඳහා පළාත් පාලන පනතට ඉදිරියේදී සංශෝධන කිහිපයක් ගෙන එන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

Political

සියලු ජනතාවට ආර්ථික අපහසුතා තිබෙන බව තමන් හොදින් දන්නා බවත්, මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට යම් ආර්ථික සහනයක් ලැබෙනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Political
  • ආර්ථිකය ගොඩනැගීමේ අසීරු තීරණ මේ වන විට ගෙන අවසන්.
  • ජනතාවට කඩිනම් සහන ලබාදීම රජයේ අරමුණයි – ජනපති නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කරමින් පවසයි.
Political

කම්කරු දෙපාර්තමේන්තුවට වසර සියයක් සම්පූර්ණවීම නිමිත්තෙන් නිකුත් කරන ලද සියවස් සමරු මුද්දරය ඊයේ (21) එළි දක්වනු ලැබූ අතර එහි පළමු මුද්දරය හා මුල් දින කවරය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් 1994 වසරේ සිය 2000 වසර දක්වා කම්කරු ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ප්‍රදානය කරනු ලැබුවේය.

Political

රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීම උදෙසා කලයුතු නෛතික සංශෝධන සඳහා අදහස් ලබා ගැනීමේ විශේෂ රැස්වීමක් අධිකරණ බනධනාගාර කටයුතු හා ආණඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

Political

හොඳින් හෝ නරකින් ආර්ථිකය, රට සහ ජනතාව ගොඩ නැගීමට පියවර ගන්නා බවත් ඊට අවශ්‍ය තීන්දු නොබියව ගැනීමට කටයුතු කරන බවත් ඒ සඳහා අවශ්‍ය බලය සහ මඟ පෙන්වීම ජනාධිපතිවරයා ලබා දී ඇති බවද කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ගෘහස්ථ ක්‍රීඩා තරඟාවලියේ ජයසංකේත සහ සහතික පත් ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ බිලියඩ් ශාලාවේදී පසුගියදා (13) පැවැත්විණි.

Political
  • 2025 දී 5%ක ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීම සඳහා එකඟත්වයකින් යුතුව ඉදිරියට යා යුතුයි.
  • මුදල් මුද්‍රණය කිරීම සහ රාජ්‍ය බැංකුවලින් ණය ලබා ගැනීම සිදු කළහොත් රුපියල යළි අවප්‍රමාණය වෙනවා.
  • කැප කිරීම් රැසක් හමුවේ උදාකරගත් රටේ ආර්ථික ප්‍රගතිය ආපසු හැරවිය නොහැකියි.
  • අසීරුතා මධ්‍යයේ වුවද හැකි සෑම සහනයක්ම ඉදිරියේදීත් ජනතාවට ලබා දෙනවා.
  • හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය විදේශ විනිමය උපයන ක්ෂේත්‍රයක් බවට කඩිනමින් පත් කළයුතුයි – හස්ත කර්මාන්ත සම්මාන උළෙල අමතමින් ජනපති පවසයි.
Political

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් පක්ෂ ගණනාවකින් තමන්ට ආරාධනා ලැබී තිබුණත් තවම කිසිවෙකු හෝ බැඳී නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

Political

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (21) පස්වරුවේ පැවැත්විණි.

Political

2024 වර්ෂය ධන ආර්ථික වර්ධන වේගයක් සහිතව ආරම්භ කිරීම නිසා මෙම වසරේ පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර 75% කින් අඩුවන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

Political

වැට් බදු ආදී අධික බදු බර පටවා රටේ බහුතර ජනතාව දරිද්‍රතාවට පත් කිරීම නිසා රටේ තරුණ පරපුර නන්නත්තාර වී ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

Political

නව අයවැය ප්‍රතිපාදන යටතේ දිවයින පුරා සියලු සංවර්ධන කටයුතු කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලු ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට උපදෙස්  දෙනු ලැබීය.

Political

පාර්ලිමේන්තුව ලබන 9 වැනිදා සිට 12 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය.

Political
  • මුස්ලිම් ආගමික අධ්‍යාපන ගැටළුවට කඩිනම් විසඳුම්.
  • කඳුකර ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න කෙරෙහි විශේෂ අවධානයක්.
  • ත්‍රස්තවාදයට සම්බන්ධයක් නැති, රටේ විප්ලවයක් ඇති කිරීමට හේතු නොවන අදහස් ප්‍රකාශ කිරීම්වලට ඉඩ ලැබිය යුතුයි.
  • සමෘද්ධිමත්, එක්සත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් එක්ව කැපවෙමු- ජනපති සියලු දේශපාලන පක්ෂ වෙත යළි ඇරයුම් කරයි.
Political

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් තැබීම හේතුවෙන් පැන නැගී ඇති ගැටලු විසඳීම සඳහා කමිටුවක් පත් කිරීම යෝග්‍ය බවට මැතිවරණ කොමසාරිස් ජනරාල් විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇත.