ඩයස්පෝරාව නියෝජනය කළ පමණින් යමෙකු අන්තවාදියෙකු හෝ ශ්‍රී ලාංකික විරුද්ධවාදියකු නොවන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකට එකතු වී දූෂිත වංචාකාරි ක්‍රිකට් පරිපාලනය වෙනස් විය යුතු බවට යෝජනාවක් සම්මත කළත් හිටපු පත් කරපු අන්තර්වාර කමිටුව ක්‍රීඩා ඇමැතිවරයා ඉල්ලා අස්කර ගත් නිසා නැවතත් ක්‍රිකට් පරිපාලනය දූෂිත කල්ලිය අතට ගොස් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අලි ඝාතන කරන අයට මිනිස් ඝාතනයට සමාන දඬුවමක් දිය යුතු යැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
වැට් (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් කෙටුම්පතටත් කථානායකවරයාගේ සහතිකය හිමි වෙයි
අද (13) පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලද 2024 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සිය සහතිකය සටහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව නායකත්වය සඳහා එම පක්ෂයේ හිටපු නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත වරක් තෝරා පත් කරගැනිණි.
2024 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් අද (13) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද දිනයේම සිදුකිරීමට සභානායක ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සිදුකළ යෝජනාව වැඩි ජන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය.
2024 විසර්ජන පනත් කෙටුම්පතේ අද දිනට නියමිත කාරක සභා අවස්ථාවේ වැඩකටයුතු නිමවීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ සදහන් එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියවීම අද දිනම (11) සම්මත කර ගැනීමට මෙහිදී සභානායකවරයා විසින් යෝජනා කර සිටියේය. තවද ඉන් අනතරුව පරිපූරක ඇස්තමේන්තුව ද අද දිනම අනුමත කරගත යුතු බවද සභානායකවරයා යෝජනා කර සිටියේය.
ඒ අනුව විපක්ෂය විසින් එම යෝජනාව සඳහා ජන්දයක් අවශ්‍ය බව පැවසීය. ඒ අනුව අද පෙරවරු 10.00 ට පමණ පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 92ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 41ක් හිමි විය.
එක් මන්ත්‍රීවරයෙක් ජන්දය භාවිත කිරීමෙන් වැළකී සිටි අතර ඒ අනුව වැඩි ඡන්ද 51 කින් ආණ්ඩු පක්ෂය ගෙනා යෝජනාව සම්මත විය.
අද රටේ පවතින ප්‍රධානම ප්‍රශ්නය ඩොලර් ප්‍රශ්නය බවත්, ඩොලර් ලබා ගැනීමට හැකි වුවහොත් රට ගොඩනැඟීම අපහසු කාර්යයක් නොවන බවත්, ඒ සඳහා අපි බලයට පත්වූ විට රට ඩිජිටල් අපනයන කේන්ද්‍රීය විප්ලවයකට යොමු කරන බවත් පැවසූ සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඒ තුළින් බියගම නිදහස් වෙළෙඳ කලාපයත් ඩොලර් උපදවන මධ්‍යස්ථානයක් බවට පත්කරන බවද පැවසීය.
අද (13) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා මන්ත්රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා කාලය වෙන්කර තිබිණි.
ශ්‍රී ලංකා - ඉතාලි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා පසුගියදා (11) පත් කෙරිණි.
රුපියල් බිලියන 378ක් ඉපයීමේ අපේක්ෂාවෙන්
භාණ්ඩ 97 වැටි නිදහස ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට...
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පනත සංශෝදනයේදී ඇතුළත් වියයුතු කරුණ සම්බන්ධයෙන් බදු අභියාචනා කොමිෂන් සභාවේ අදහස් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දාන්ද අලුත්ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් ජාතික ආර්ථික හා භෙෳතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්විය.
Page 37 of 547