රටේ අනාගතය දේශපාල න්‍යාය පත්‍ර අනුව සකස් කිරීමට තමා කිසිවිටෙකත් ඉඩ නොතබන බවත්, රටේ න්‍යාය පත්‍රය අනුව දේශපාලනය සකස් විය යුතු බවත් අවධාරණය කළජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එම ගමනට එක්වන ලෙස තමා සජිත් ප්‍රේමදාස මහතාට සහ අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කරන බවද පැවසීය.
සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය වන්නේ පළමුව අධ්‍යාපනය බැවින් ඒ සඳහා දිය හැකි ඉහළම ආයෝජන ලබා දී පෞද්ගලික අධ්‍යාපනයත් නිදහස් අධ්‍යාපනයත් අතර ඇති වෙනස නැති කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ආර්ථිකය ගොඩනැඟීම පසෙකලා එදා පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් වැය කළා නම් අදවන විට මේ රට ඛේදනීය තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකි බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ නීතිපතිවරයා ලෙස පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය ලැබී ඇත.
තාවකාලිකව අත්හිටුවා තිබෙන පරාටේ නීතිය දිගුකලක් පවත්වාගෙන යාමට නොහැකි බවත්, එබැවින් බංකොළොත් ව්‍යාපාර සම්බන්ධව කටයුතු කිරීමට නව පනත් කෙටුම්පතක් හඳුන්වාදීමට කටයුතු කරනු ලබන බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් වෙන් කිරීමේ හැකියාව මුදල් අමාත්‍යාංශයට ඇති බවත්, අවශ්‍යතා අනුව එම මුදල් ලබා දීමට සූදානම් බවත් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඉදිරියේදී ත්‍රී රෝද රථ නියාමනය කිරීමේ බලය ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට ලැබෙන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්ය අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා අද(10) පාර්ලිමේන්තුවේදි වාචික ප්‍රශ්නයකට පිළිතුරුදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ජන හමුවක් සහ ව්‍යාපාරික හමුවක් සඳහා ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජපානයට ගියේය.
කොරෝනා වසංගත තත්ත්වය හා දරුණු ආර්ථික අර්බුදය හමුවේ වුවද කිසිදු සේවක හෝ වැටුප් කප්පාදුවකින් තොරව රාජ්‍ය සේවය ස්ථාවරව පවත්වාගෙන යාමට හැකි වීම ජයග්‍රහණයක් බවත් ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ගෙන් ලද උපදෙස් ඉවහල් වූ බවත් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.
අරලගල සමයේ බයෙන් හැංගුණු පාර්ශ්ව මේ වන විට නොබියව වේදිකා මතට නැගී මැතිවරණ ඉල්ලා සිටින තැනට රටේ තත්ත්වය වෙනස් වී තිබෙන බව වෙළඳ සහ පරිසර රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා පැවසීය.
පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් රටට ඉතිරිවන මුදලින් ඉදිරියේ දී අධ්‍යාපන සහ සෞඛ්‍ය සඳහා වැඩි මුදලක් ලබා දීමට හැකියාව ලැබෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
ජනාධීපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ දිනයේ දැන්වීම ජූලි මස අවසන් වීමට ප්‍රථම නිකුත් කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.මෙම දිනය තීරණය කරනු ලබනනේ ජනාධිපතිවරණ පනත හා ආණ්ඩු ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත පමණක් බවද රත්නායක මහතා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මේ වන විට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනා සාමූහිකව කටයුතු කළොත් අපරාධ සහ කුඩු වසංගතය මේ රටින් තුරන් කළ හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (11) පාර්ලිමේන්තුවේදී පැවසීය.
සමහරු දෙන්න එපා කියද්දිත් ගිය සතියේ ගුරුවරු රාශියකට පත්වීම් දුන් බවත් පළාත් පාලන පත්වීම ස්ථිර කළේද අභියෝග මැද බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
Page 28 of 553