Monday, March 16, 2026
Follow Us
අනුර කුමාර මහ නා හිමිවරුන් බැහැ දකී

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද ආගමික වතාවත්වල නිරත විය.

පළමුව මීරිගම, මිනීඔලුව විද්‍යාවාස පිරිවෙන් මහා විහාරය වෙත පැමිණි මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ  මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල නා හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

ඉන් අනතුරුව මහනුවරට පැමිණි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මල්වතු මහා විහාරයට පැමිණ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් සහ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.