Wednesday, August 27, 2025
Follow Us
Political
  • බංකොලොත්වූ රටක දුප්පත්කම අළුත් දෙයක් නොවෙයි – අස්වැසුම සමාජ ආරක්ෂණ දැල ඔවුන් සඳහායි.
  • කොන්ත්‍රාත්කරුවන් වෙනුවෙන් රුපියල් බිලියන 361ක හිඟ බිල්පත් ගෙවා තිබෙනවා – ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන.

රට ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව විසින් දියත්කර තිබෙන වත්මන් වැඩපිළිවෙල දශමයකින් හෝ වෙනස් කලහොත් රට යළිත් බරපතල අවධානමකට ලක්වන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

Political

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මේ වනවිට මූලික කටයුතු සුදානම් කර අවසන් බව මැතිවරණ කොමිසම පවසයි.

Political

විදේශ රටවල රැකියාවල නියැලෙන ශ්‍රමිකයින් හා වෘත්තිකයින්ට කිසියම් අවදානමක් හෝ අකටයුත්තක් වන්නේ නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ අනුබද්ධ ආයතන එකවර දැනුවත් කිරීමේ හැකියාව සහිත ඩිජිටල්කරණ ක්‍රියාවලියකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් නුදුරේදීම එය ආරම්භ කරන අතර එමගින් විදේශ රැකියා ක්ෂේත්‍රය නව ලෝකයට ගැළපෙන පරිදි ඩිජිටල්කරණය කිරීමට මග පෑදෙනු ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (23) අවධාරණය කළේය.

Political

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ‘අලියා’ ලකුණින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන් ඔහුට උදව් කිරීමෙන් වැළකී සිටින බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

Political
විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් කරණයට ලක් කිරීමේ සුබ පණිවුඩය රැගෙන මාතලේට ගිය ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන අද (29) සහ හෙට (30) යන දින දෙකේදී වව්නියාව ගාමිණී විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි.
Political
  • යහපත් අනාගතයක් වෙනුවෙන් තෝරාගත යුත්තේ කුමන මාර්ගයද කියා තරුණ පරපුර තීරණය කළ යුතුයි.
  • ඇතැම් දේශපාලනඥයන් තම දේශපාලන අනාගතය පිළිබඳ සිතද්දි මම සිතුවේ රට ගැනයි – “යුනයිටඩ් යුත් තරුණ එකමුතුව” සමඟ පැවති සුහද හමුවේ දී ජනපති පවසයි.
Political
ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන පාර්ලිමේන්තු ක්රමවේදය පිළිබඳ පාසැල් සිසුන් දැනුවත්කිරීමේ ‘පාර්ලිමේන්තු විදු පියස’ වැඩසටහනක් වැලිගම අරෆා ජාතික පාසල් සිසු සිසුවියන් සිසුවියන් සඳහා පසුගියදා පැවැත්විණි.
Political

පාර්ලිමේන්තුව අප්‍රේල් 1 සහ 2 දෙදින රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය. 

Political
 
යාපනය අර්ධද්වීපයේ පුරාණ විහාරස්ථානයක් ලෙස පවතින කන්කසන්තුරයේ ඇති තිස්ස රජ මහා විහාරයේ ඉඩම සම්බන්ධයෙන් පවතින ගැටලු කෙරෙහි ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු විය.
Political

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ වත්මන් පනත සංශෝධනය කර, නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

Political
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ නියමිත වේලාවට පැවැත්වෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත් හේතුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කල්දමන බවට විපක්ෂය නඟන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ නියමිත පරිදි නිසි වේලාවට පවත්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

Political

මේ පවතින අධ්‍යාපන ක්‍රමය තුළ අපේ රටට අනාගතයක් නැහැ .පාසල් අධ්‍යාපනය තුළ තොරතුරු තාක්ෂණ විෂය පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වාම ඉගැන්විය යුතුයි. රටේ පවතින 10126ක් වන සියලුම පාසල් සුහුරු පාසල් බවට පත් කරන්නට අවශ්‍ය පසුබිම සකස් කරන්න මා සූදානම්" යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින හෝමාගම පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේය.

Political

දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ධූරවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

Political
සෞඛ්ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුව විසින්,රෝගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා සකස් කරනු ලබන ප්රඥප්තිය පිළිබඳව, ඊට අදාළ විවිධ පාර්ශ්වකරුවන්ගෙන් අදහස් ලබා ගන්නා ලදී.
Political

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) වැඩි ඡන්ද 42 කින් පරාජයට පත්විය.

Political

පනත් කෙටුම්පත් සලකා බැලීම

“සවීර පදනම (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත

උක්ත පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පහත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතිරේක සාමාජිකයන් වශයෙන් අනුප පස්කුවල්, සරත් වීරසේකර, මේජර් සුදර්ශන දෙනිපිටිය, මායාදුන්න චින්තක අමල්, ලලිත් වර්ණ කුමාර, රෝහණ බංඩාර, අසංක නවරත්න, උදයන කිරිඳිගොඩ යන මන්ත්‍රීවරයන් නම් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (01) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

Political

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත්‍ කෙටුම්පත් හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල් දැමීමට අපේක්ෂා නොකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

Political

කුමන ආකාරයේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කිසිදු පසුබෑමකට ලක් නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.