Friday, June 19, 2026
Follow Us
Political

ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් වෙන් කිරීමේ හැකියාව මුදල් අමාත්‍යාංශයට ඇති බවත්, අවශ්‍යතා අනුව එම මුදල් ලබා දීමට සූදානම් බවත් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Political

ඉදිරියේදී ත්‍රී රෝද රථ නියාමනය කිරීමේ බලය ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට ලැබෙන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා අද(10) පාර්ලිමේන්තුවේදි වාචික ප්‍රශ්නයකට පිළිතුරුදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

Political
නියමිත දිනට මැතිවරණය පැවැත්විය යුතු බවත් ඒ සඳහා මැතිවරණ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡාවේදී කරුණු පහදා දුන් බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ හමුවේ ප්රකාශ කළේය.
Political

කොරෝනා වසංගත තත්ත්වය හා දරුණු ආර්ථික අර්බුදය හමුවේ වුවද කිසිදු සේවක හෝ වැටුප් කප්පාදුවකින් තොරව රාජ්‍ය සේවය ස්ථාවරව පවත්වාගෙන යාමට හැකි වීම ජයග්‍රහණයක් බවත් ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් ලද උපදෙස් ඉවහල් වූ බවත් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.

Political

අරලගල සමයේ බයෙන් හැංගුණු පාර්ශ්ව මේ වන විට නොබියව වේදිකා මතට නැගී මැතිවරණ ඉල්ලා සිටින තැනට රටේ තත්ත්වය වෙනස් වී තිබෙන බව වෙ‍ළඳ සහ පරිසර රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා පැවසීය.

Political

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ නීත්‍ය­නු­කූල මහ ලේක­ම් ලෙස කට­යුතු කිරී­මට අධි­ක­ර­ණය විසින් දී ඇති අව­ස­ර­යට අනුව වැඩ භාර ගැනී­මට පැමි­ණි­යද පක්ෂ කාර්යා­ලය ඉබි­ය­තුරු යොදා වසා­දමා තිබීම හේතු­වෙන් පාර්ලි­මේන්තු මන්ත්‍රී දයා­සිරි ජය­සේ­කර මහ­තාට පක්ෂ කාර්යා­ලය ඉදි­රි­පිට මාර්ග­යේදී වැඩ භාර ගැනී­මට ඊයේ (5) සිදු විය.

Political

ජනාධීපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ දිනයේ දැන්වීම  ජූලි මස අවසන් වීමට ප්‍රථම නිකුත් කෙරෙන  බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.මෙම දිනය තීරණය කරනු ලබනනේ  ජනාධිපතිවරණ පනත හා ආණ්ඩු ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත පමණක් බවද රත්නායක මහතා පෙන්වා දුන්නේය.

Political

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

Political

මේ වස­රේදී ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් පැවැ­ත්වීම සඳහා ඉදිරි පිය­වර ගැනීම වළ­ක්වා­ල­මින් අතුරු තහ­නම් නියෝ­ග­යක් නිකුත් කර­න්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය වෙත පෙත්ස­මක් ගොනු කිරී­මට පෙර තමා­ගෙන් හෝ තමාගේ නීති­ඥ­ව­රු­න්ගෙන් මේ පිළි­බඳ අද­හස් විම­සී­මක් හෝ උප­දෙස් ලබා ගැනී­මක් සිදු කර නැති බව ජනා­ධි­පති රනිල්  වික්‍ර­ම­සිංහ මහතා ප්‍රකාශ කරයි.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනා සාමූහිකව කටයුතු කළොත් අපරාධ සහ කුඩු වසංගතය  මේ රටින් තුරන් කළ හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (11) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Political

සමහරු දෙන්න එපා කියද්දිත් ගිය සතියේ ගුරුවරු රාශියකට පත්වීම් දුන් බවත් පළාත් පාලන පත්වීම ස්ථිර කළේද අභියෝග මැද බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Political
පාර්ලිමේන්තු බලතල හා වරප්රසාද පනත සහ තත්කාලීන මාධ්ය භාවිතය පිළිබඳ මාධ්යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (04) පාර්ලිමේන්තුවේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
Political

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය වන්නේ පළමුව අධ්‍යාපනය බැවින් ඒ සඳහා දිය හැකි ඉහළම ආයෝජන ලබා දී පෞද්ගලික අධ්‍යාපනයත් නිදහස් අධ්‍යාපනයත් අතර ඇති ⁣වෙනස නැති කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Political

ත්‍රිකුණාමලය පාර්ලිමේන්තු මන්ත්‍රී කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා මීට සුළු වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ මන්ත්‍රී ධූරයේ දිවුරුම් දුන්නේය.

Political
ජනාධිපතිවරණය පැවැත්වීම කල්දැමීම සඳහා උසාවියට පෙත්සමක් ඉදිරිපත් කිරීම පිළිබඳව පළව ඇති ප්රවෘත්ති වාර්තා සමඟ මේ තුළින් ජනාධිපතිවරණය කල්දැමීමක් සිදු වේද? යන්න පිළිබඳව සතිපතා පැවැත්වෙන ආයතන ප්රධානී හමුවේදී රාජ්ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති කුෂාන් දේවින්ද මහතා මතු කළ ගැටලුවකට පිළිතුරු ලබා දුන් ප්රවාහන මහා මර්ග හා ජනමාධ්ය අමාත්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා.
Political

ජ්‍යෙෂ්ඨ  අතිරේක සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ නීතිපතිවරයා ලෙස පත්කිරීමට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය ලැබී ඇත.

Political
  • වගකීම් භාරගත හැකි මෙන්ම සත්‍ය නොබියව ප්‍රකාශ කළ හැකි දේශපාලන නායකයන් රටට අවශ්‍යයි.
  • සිහින ලෝකවල කටයුතු නොකර රටට අවශ්‍ය වැඩපිළිවෙළ හඳුනාගෙන ඉදිරියට යමු.
  • ඇතැමුන් ආදර්ශයට ගන්නා ආර්ජන්ටිනාවේ මාටින් ගුස්මාන් අසාර්ථක පුද්ගලයෙක්.
  • සිංහල ජාතිය කිසිදා සිඟමන් යැද්දේ නැහැ – අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් තුළින් මෙරට ආර්ථිකය ඉහළට ඔසවා තබනවා.
  • එම වැඩපිළිවෙළේදී බැංකු පද්ධතියට පුළුල් වගකීමක් පැවරෙනවා – බැංකුකරුවන්ගේ සංසඳයට එක් වෙමින් ජනපති පවසයි.
Political

ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් අර්ථනිරූපණයක් ලබා දෙන තෙක් දැනට ප්‍රකාශ කර ඇති පරිදි ජනාධිපතිවරණය පැවැත්වීමෙන් මැතිවරණ කොමිසම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.