Friday, June 19, 2026
Follow Us
පාසල් ක්‍රීඩාංගන දේශපාලන රැස්වීම්වලට ගැනීම නතර කළ හැකියි - අධ්‍යාපන ඇමැති

පාසල් ක්‍රීඩාංගන දේශපාලන රැස්වීම්වලට යොදා ගැනීම නතර කිරීම සම්බන්ධයෙන් චක්‍රලේඛයකින් දැනුම් දිය හැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද  (6)  පැවසීය.

මැතිවරණ කාලයේදී පාසල් ක්‍රීඩාංගන  දේශපාලන  රැස්වීම් සඳහා යොදා ගැනීමෙන් ඒවා විනාශයට පත්වන බව පවසමින් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු

මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.