දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම සඳහා කිසිදු සූදානමක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. සුදුසු වේලාව පැමිණි පසු විශ්‍රාම යන බවත්, ඒ දක්වා දිගටම දේශපාලනයේ නිරත වන බවත් රාජපක්ෂ මහතා සඳහන් කරනවා.
ඊයේ (20) පැවති දෙහිඅත්තකණ්ඩිය විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයේදී ඡන්දය පැවති කොට්ඨාස 12ම ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය සමත්ව තිබේ.
ත්‍රස්තවාය වැලැක්වීමේ පනත යොදාගනු ලබන්නේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම වෙනුවෙන් බවට ජනාධිපතිවරයා පැවසුවද දැන් සිදුවෙමින් තිබෙන්නේ එම පනත හරහා දේශපාලන ක්‍රියාකාරීන් මර්ධනය කිරීම බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
ඉදිරියේදී රට වෙනුවෙන් වැදගත් තීරණ කිහිපයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරුන් 14 දෙනාගේ කණ්ඩායම පවසනවා.
පසුගිය මහ මැතිවරණයේදී දැවැන්ත පරාජයක් ලබමින් එක් මන්ත්‍රී ධුරයක් පමණක් හිමිකර ගත් එක්සත් ජාතික පක්ෂය අද රටේ විධායක ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයට බවට පත්ව ඇති බවත්, යළිත් එජාපය අළු ගසාදමා නැගී සිටිමින් තිබෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පවසනවා.
බන්ධනාගාර ගත කර සිටින රන්ජන් රාමනායකට ලබන සතියේ ජනපති පොදු සමාව හිමිවනු ඇතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.
හැටනව ලක්ෂයක ජනවරම තවමත් ඇත්තේ රාජපක්ෂවරුන්ට බවත් ඉදිරි ආණ්ඩු පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඔවුන්ට අයිතියක් ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය හරහා ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන්ට මැතිවරණ සඳහා තරග කිරීමේ අවස්ථාව අහිමි කිරීමට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකගේ විරෝධය එල්ල වී ඇතැයි වාර්තා වේ. අදාල වගන්තිය සහිතව 22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට උත්සාහ කළහොත් ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමටයි අදාල මනන්ත්‍රීවරුන් පිරිස තීරණය කර තිබෙන්නේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව පළවා හැරිය උද්ඝෝෂණවලින් පසු දැනට කිසියම් නිහැඬියාවක් ඇතිවී තිබුණත් කිසියම් මොහොතක ජනතාව නැවත නැඟී සිටින බවත් ඒ ජනතා නැගිටීමට නායකත්වය දීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බවත් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
ලබන සතියේදී මෙරටට ආපසු පැමිණීමට නියමිත හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කිරීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.
ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 14 දෙනාගේ කණ්ඩායම අද (20) අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑය වැඳපුදා ගැනීමට ගොස් තිබුණි.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා සහය දැක්වීමට විපක්ෂය කටයුතු කරන්නේ නම් අමාත්‍ය ධූර අතහැරීමට සූදානම් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
පසුගිය මාස කිහිපයේ මෙරට පැවති ජනතා අරගලයට ඉතාමත්ම සටන්කාමී නායකත්වයක් නොතිබුණු නිසා එයින් ලැබුණේ අර්ධ ජයග්‍රහණ පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Page 125 of 553