ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව පිළිබඳව අතුරු අයවැය ලේඛනය හරහා ඉදිරිපත් කළ දත්ත පිළිගත නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අතුරු අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකයා මේ බව සඳහන් කළේය.
2022 වසර සඳහා වන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ විසර්ජන සංශෝධන පනත් කෙටුම් පත දෙවන වර කියවීම අද පාර්ලිමේන්තුවේදී සිදු වනවා.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් වුණා.
It is extremely doubtful that donor countries or global financial agencies would extend a helping hand or their good offices to Sri Lanka to come out of the current economic, political and social mess when they review the handling of the economy and law and order in the country under the Ranil Wickremesinghe regime, the Sri Lanka Freedom Party (SLFP) said yesterday.
ගෝල්ෆේස් ඊනියා කැරලිකරුවන් ගේ ක්‍රමන්ත්‍රණ පරාජය කර රට බේරාගත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ නම ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා පවසයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට යළි පැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා. පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේදී 29 පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ ඇති කාරක සභා සියල්ලේම සභාපති ධූර විපක්ෂයට ලබාදෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා.
පසුගිය මැයි 09 වැනිදා රටපුරා ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීම් අතරතුර ගිනිගෙන විනාශ වූ, සිංහරාජ වනාන්තරය ආසන්නයේ පිහිටි සුඛෝපභෝගී හෝටලය තමන්ට අයත් එකක් බව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා පිළිගෙන තිබෙනවා. නිවුස් ෆස්ට් සිදුකළ විමසීමකදී ඔහු පවසා තිබෙන්නේ එය තමන් ඇතුළු කිහිප දෙනෙකුට අයත් හවුල් දේපලක් බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් අනෙකුත් වාමාංෂික පක්ෂ සමග එක්ව සන්ධානයක් ගොඩනගා ඉදිරියේදී ආණ්ඩුවක් පිහිටුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ද හිටපු ජනාධිපතිවරයා එහිදී අදහස් පළ කළා.
ආර්ථික සංවර්ධනයට අදාළ වගකීම් සහිත අමාත්‍ය ධුරයක් ලැබෙන්නේ නම් එය භාරගැනීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසයි.
Page 124 of 555