විල්පත්තු රක්ෂිත වනාන්තර ආශ්‍රිතව පිහිටි කැලෑ කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් තමන්ට එරෙහිව දී ඇති තීන්දුවක් බලරහිත කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ඉදිරිපත් කර ඇති අභියාචනයක් සලකා බැලීම සඳහා ජනවාරි මස 19 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේදී වෛද්‍ය වෝල්ටර් ජයසිංහට අයත් නිවාස සංකීර්ණයක රැදී සිටි බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් ඔහුගේ පාර්ශවයෙන් කරුණු දැක්වීමක් සිදුකර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්ව ඇකඩමිය ආරම්භ කිරීම ඊයේ (03) කොළඹදී එම පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ආණ්ඩුව අත්සන් තැබූ ගිවිසුමේ කොන්දේසි වහාම රටට හෙළිකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත්සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.
ප්‍රචණ්ඩත්වයෙන්, අරගලවලින් හෝ කැරලිවලින් මේ රටේ නායකයින් බිහි කළ නොහැකි බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
පාන් රාත්තලක මිල රුපියල් 300 ක් දක්වා වැඩි කරනවාද නැද්ද යන්න හෙට දිනයේදී තීරණය කරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේ වෙළඳ අමාත්‍යවරයා සමග හෙට උදෑසන විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.
ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේදී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ නව සන්ධානය එළි දැක්වීම අද සිදුවනවා. එම සන්ධානයේ නම මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ. කෙසේවෙතත් නව සන්ධානයේ නම හා එහි නායකයා කවුද යන්න අද ප්‍රකාශයට පත් කරන බවයි ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේදී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජික ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසුවේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග රජය අත්සන් කළ ගිවිසුම වහාම ජනතාවට හෙළිදරව් කළයුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ජාතික දේශපාලනයේ නිරත වන තැනැත්තන්ට ද විශ්‍රාම ගැන්වීමට වයස් සීමාවක් නිර්දේශ කළ යුතු බව අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා. එමෙන්ම දේශපාලනයේ නිරත වන ඔවුන්ට අවම අධ්‍යාපන සුදුසුකමක් ද නිර්දේශ කළ යුතු බවයි නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා පැවසුවේ.
මේ සතියේදී පත් කෙරෙන සමස්ත අමාත්‍ය මණ්ඩලය 75 දෙනෙකුගෙන් සමන්විත වනු ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි දේශපාලනයට පිවිසිය ද එය සමගි ජනබලවේගයට අභියෝගයක් නොවන බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.
විපක්ෂය කටයුතු කරන්නේ බලය ලබාගැනීම පමණක් අරමුණු කර ගනිමින් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
රාජපක්ෂ පවුල,පොහොට්ටුව රකින බවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ලබාදී තිබුණු පොරොන්දුව රැක ඇති බවට දැන් ඔහු විසින් ඔප්පු කර තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (03)මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
Page 120 of 554