අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සම්බන්ධයෙන් විපක්ෂයේ නියෝජනය කරන පක්ෂ කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නෙත් නිවුස් වෙත අදහස් පළ කළා.
ද්විත්ව පුරවැසිභාවයක් ගැන කතා කරමින් තමන්ට මඩ නොගසන්නැයි සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.
අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අද දිනයේ පාර්ලිමේන්තුව තුළ සහ ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසනවා. එමෙන්ම අද දිනයේ පාර්ලිමේන්තුවේ ගැලරිය සාමාන්‍ය ජනතාවට විවෘත වන්නේ නැහැ.
ඉකුත් ජූලි මස ජන අරගලවලදී ජනාධිපති මන්දිරය වැටලීමෙන් අනතුරුව අරගලකරුවන් පිරිසක් විසින් ජනාධිපති මන්දිරයේ තිබූ සොයාගත්තේ යැයි කියන රු. මිලියන 18 කට ආසන්න මුදල පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්ණ කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියෝග කර තිබේ.
මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රමිතීන් තහවුරු කරන්නේ නම් රටට ලැබෙන විදේශ විනිමය ඉහළ දැමිය හැකි බව නිදහස ජනතා සභාව පවසනවා.
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පැමිණිල්ල පිළිබඳව විමර්ශන කඩිනම් කොට ප්‍රගතිය වාර්ථා කරන මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කලා.
පළාත් සභා සඳහා ආණ්ඩුකාරවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර එකඟතාවක් ඇතිවී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු පිටස්තර මැදිහත්වීමකින් තොරව සාමකාමීව විසඳාගැනීම අරමුණ බව ජනපති පවසයි.
ලබන වසරේ අප්‍රේල් මාසය වනවිට දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුවන බව සමගි ජන බලවේගය පවසනවා.
මෙරට සමස්ත ජනගහනයෙන් මිලියන 1.7කට ආසන්න පිරිසක් ආබාධ සහිත පුද්ගලයින් වන අතර, ඔවුන්ට සිය කටයුතු සිදුකර ගැනීමේදී දෙදනිකව මුහුණදෙන බරපතල ගැටලු රැසක් පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කළා.
රජය සමග එක්වීමට ලංකා කම්කරු කොංග්‍රසය කැමැත්ත පළ කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
ලබන වසරේ අප්‍රේල් මාසය වනවිට දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුවන බව සමගි ජන බලවේගය පවසනවා.
රටේ ප්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් කරද්දී එය ආණ්ඩුවට එකතුවීමක් වශයෙන් හුවාදැක්වීම අවරගණයේ ක්‍රියාවක් බව 43 වැනි සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
නොවැම්බර් 14 වනදාට පෙර කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව ලංකා නිව්ස් වෙබ් අපි මීට පෙර පුවතකින් වාර්තා කළෙමු.
Page 97 of 556