Tuesday, March 24, 2026
Follow Us
හිරුණිකා අත්අඩංගුවට!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තාවන් පිරිසක් කුරුදුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගන තිබේ.

ඒ, පොලීසියට විරෝධය පළකරමින් පොලිස් ස්ථානය ඉරිදිපිට බිම හිඳගෙන විරෝධතාවේ නියැලීම හේතුවෙනි.

කාන්තා හිංසනයට එරෙහිව මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට කාන්තාවන් සිවිල් ක්‍රියාකාරිකයින් වීදි නාට්‍යයක් පෙන්වමින් සිටින අතරතුර එහි ආරක්ෂක අංශ නිල ඇදුමට සමාන ඇඳුමක් සහිතව සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට කුරුදුවත්ත පොලීසිය කටයුතු කර තිබුණි.

එම ස්ථානයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද හිඳ ඇති අතර අත්අඩංගුවට ගත් කාන්තාවන් නිදහස් කරන ලෙස බලකරමින් ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු තවත් කාන්තාවන් පිරිසක් කුරුදුවත්ත පොලීස් ස්ථානය ඉදිරිපිට බිම වාඩි වී විරෝධය පළකර ඇත.

LNW