රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පැමිණිල්ල පිළිබඳව විමර්ශන කඩිනම් කොට ප්‍රගතිය වාර්ථා කරන මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කලා.
සීමා නීර්ණය මාතෘකාව යළි කරලියට පැමිණ ඇත්තේ මැතිවරණය කල් දැමීමේ අරමුණින් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.
දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු පිටස්තර මැදිහත්වීමකින් තොරව සාමකාමීව විසඳාගැනීම අරමුණ බව ජනපති පවසයි.
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ඉදිරිපත් කළ තිබෙන පැමිණිලි නැවත දෙසැම්බර් මස 12 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා
මෙරට සමස්ත ජනගහනයෙන් මිලියන 1.7කට ආසන්න පිරිසක් ආබාධ සහිත පුද්ගලයින් වන අතර, ඔවුන්ට සිය කටයුතු සිදුකර ගැනීමේදී දෙදනිකව මුහුණදෙන බරපතල ගැටලු රැසක් පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කළා.
රජය සමග එක්වීමට ලංකා කම්කරු කොංග්‍රසය කැමැත්ත පළ කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
රටත් ජනතාවත් අන්දවන පරිච්ඡේදයක් අද යළිත් ආරම්භ වූ බවත්, දිනෙන්, දින රැස්ව කතා පවත්වා, විසිරී යාම හැරුණුකොට රට ගොඩනැගීම උදෙසා කිසිදු වැඩපිළිවෙළක් ආණ්ඩුවට නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
රටේ ප්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් කරද්දී එය ආණ්ඩුවට එකතුවීමක් වශයෙන් හුවාදැක්වීම අවරගණයේ ක්‍රියාවක් බව 43 වැනි සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
නොවැම්බර් 14 වනදාට පෙර කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව ලංකා නිව්ස් වෙබ් අපි මීට පෙර පුවතකින් වාර්තා කළෙමු.
ද්විත්ව පුරවැසිභාවයක් ගැන කතා කරමින් තමන්ට මඩ නොගසන්නැයි සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.
බැසිල් රාජපක්ෂ මහතා ඒ මහතාට අවශ්‍ය අවස්ථාවකදී ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගෙන මැතිවරණ සඳහා ඉදිරිපත් වනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.
මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රමිතීන් තහවුරු කරන්නේ නම් රටට ලැබෙන විදේශ විනිමය ඉහළ දැමිය හැකි බව නිදහස ජනතා සභාව පවසනවා.
පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් නොකරන්නේ නම් මැතිවරණ කොමිසමට එරෙහිව නඩු පවරන බව පැෆරල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ ඉදිරි දින කිහිපය තුළ ඊට අදාළ නඩුකරය ගොනු කිරීමට සිය නීතීඥවරුන් කටයුතු කරන බවයි.
Page 94 of 553